Description
ඔයාටත් Sheet Mask වල ප්‍රතිපලයක් නැද්ද...
නැත්තන් හරියට පාවිච්චි කලේ නැද්ද...🤔🤔
අද ඉඳන් හරියටම Sheet Mask පාවිච්චි කරන හැටි දැනගමුද ...😌✋ වියදම් කරලා හරිම ප්‍රතිපලයක් ගන්න නම් ඕනෙම දෙයක් හරියටම දැනගෙන පාවිච්චි කරන්න ඕනේ👌 නැත්තන් වැඩක් නැ... සල්ලි විතරයි...
✅👉 අද කතා කරන්නෙ අපේ රටේ තරුණියන් අතර වගේම තරුණයන් අතරත් එක විදිහටම ජනප්‍රිය වෙමින් පවතින මේ වගේම තවත් එක නිෂ්පාදනයක් වන face sheet mask ගැනයි.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) කියන්නෙ මොනවද?
ජපන් සහ කොරියන් රූපලාවන්‍ය නිෂ්පාදකයන් තමයි face mask sheet මුල්වරට ලොවට හඳුන්වා දෙන්නෙ.
කඩදාසි, ජෙල් හෝ ෆයිබර් වලින් මුහුණේ හැඩයට තමයි මේ mask වෙළඳපොලට පැමිණෙන්නෙ. ඇස්, නහය සහ කට පිටතට නිරාවරණය වෙන්න face sheet masks වල සිදුරු නිර්මාණය කරල තියෙනව.
Face sheet mask වල සීරම් (serum) ආකාරයට විවිධ පෝෂක වර්ග පොඟවල තියෙනව. ඒ නිසා මේ mask බොහෝවිට තෙත ස්වභාවයක් ගන්න බව ඔබට දැනෙන්න පුළුවන්.
ඒ වගේම ඝනකම් සහ තුනී face sheet masks ආකාරත් දකින්න ලැබෙනව.
සමහර face sheet mask වෙළඳපො���ේ දකින්න ලැබෙන්නෙම මුහුණේ හැඩයටම වන අතර සමහර face sheet mask වතුර භාජනයක දමා දිගහැර ගන්න අවශ්‍යයි.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
හයලුරොනික් ඇසිඩ්, සෙරමයිඩ්, විටමින් සහ ඇන්ටිඔක්සිඩන්ට් වගේ මුහුණේ සම ලස්සන කරන්න උපකාරී වෙන විවිධ සංයෝග ද්‍රව ආකාරයට තමයි face sheet mask වල අන්තර්ගත කරල තියන්නෙ.
මේ සංයෝග සමට උරාගැනීම පහසු කරන්න වගේම ඉක්මණින් වාෂ්ප ආකාරයට පත්වෙලා සමෙන් ඉවත් නොවී වැඩි වේලාවක් සම මත තබාගන්නත් face sheet mask උපකාරී වෙනව. පිටතින් පැමිණෙන කුණු, දුහුවිලි පෝෂණ සංයෝග මතට එක්වීම ආවරණය කිරීමත් තවත් එක් ප්‍රතිලාභයක් විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) වල ප්‍රයෝජන
සමේ තෙතමනය ආරක්ෂා කර මුහුණ මෘදුව සහ නැවුම්ව පවත්වා ගන්න,
මුහුණේ සම කැසීමට, පොතු ගැලවීමට හෝ කැසීමට ලක් නොවීම,
සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කිරීමට සහ
සමේ ඇති අඳුරු සළකුණු ඉවත් කර සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නත් ඔබේ සමට ගැළපෙන ලෙස තෝරගන්න නිවැරදි face sheet mask වලට හැකියාව තියෙනවා.
✅👉 Face sheet mask (ෆේස් ශීට් මාස්ක්) යොදන්න හොඳම වෙලාව මොකක්ද?
හැකි නම් දිනකට එක්වරක් එහෙමත් නැත්නම් අවම වශයෙන් සතියකට තුන්වරක් ඔබේ මුහුණට face sheet mask යෙදීම වඩා හොඳ ප්‍රතිඵල ඔබට ලබා දෙනවා.
දවසේ ඕනෑම වේලාවක යොදන්න පුළුවන් වුනත් රාත්‍රියේදී නින්දට යාමට පෙර face sheet mask භාවිතා කිරීම වඩා සුදුසු බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
මොකද මුළු රාත්‍රිය පුරාම එහි අඩංගු පෝෂක ඔබේ මුහුණේ පවතින නිසා සමට එම පෝෂක උරා ගැනීම වඩා හොඳින් සිදුවන නිසයි.
ඔබේ සමට ගැළපෙන face sheet mask වර්ගයක් තෝරගන්න පුළුවන්.
✅✅✅ඔබට අවශ්‍ය, මුහුණේ සම ප්‍රාණවත් කරමින් තෙතමනය පවත්වා ගන්න නම්, Hyaluronic acid, Glycerine හෝ Snail Mucin අඩංගු face sheet mask වර්ගත්,
✅✅✅ මෘදු සමක් ලබාගන්න නම්, Green Tea extract, Aloe Vera හෝ Oatmeal අඩංගු face sheet mask වර්ගත්,
✅✅✅දීප්තිමත් මුහුණක් ලබාගන්න ඔබට පුළුවන්.
එහෙනම්, අලුත් පෙනුමක් ලබාගන්න වගේම මානසික සහනයක් ලබා ගන්නත් face sheet mask පාවිච්චි කරන්න පටන් ගමුද..
call - 0705365547
.